27 April 2024
#ව්‍යාපාර

පාසල් සඳහා ඇමති රිෂාඩ්ගෙන් සමූපකාර අලෙවිසැල්

පාසල් සමූපකාර සමිති සඳහා සමූපකාර අලෙවිසැල් (CO-OP Shop)පිහිටුවීම සඳහා උපකරණ හා මූල්‍ය ආධාර පිරිනැමීමේ උත්සවය අද (26) කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ වෝක්ෂෝල් වීදීය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

“නැණ ශක්ති“ ලෙස නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ පාසලකට රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමේ. මෙම උත්සවය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් සමුපකාර සමිතීන්හි ක්‍රියාකාරී සිසු සිසුවියන් හා එම විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර මෙම උත්සව අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.රංජිත් අශෝක, සමූපකාර කොමසාරිස් එස්.එල්. නසීර්, සමූපකාර නායකයින්, සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *