නව යොවුන් වියේ දරුවන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ ප්‍රවණතාවක් සහ අවදානමක් ඉකුත් වසරවලට සාපේක්ෂව මේ වන විට ඉහළ ගොස් ඇති බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
තරුණ පරපුර අතර මතුවෙමින් පවතින මෙම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.














