27 April 2024
#දේශීය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම්වලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන අය බව පොලිසිය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා අද (28) අළුයම නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *