27 April 2024
#දේශීය

ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ‍්‍රී ලංකාව තුළ තහනම්

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප‍්‍රකාරව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම කි‍්‍රයාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බවයි.

මෙරට කි‍්‍රයාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල කි‍්‍රයාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *