27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා එනම් පාස්කු දේව මෙහෙය පැවැත් වු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සම්බන්ධ ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *