27 April 2024
#දේශීය

පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය සංගමය පවසා සිටියේ රට තුළ වර්තමානයේ උද්ගතව ඇති ‍කෙරෝනා වෛරස් වසංගතය හේතුවෙන් උගුර, කණ හා නාසය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාරවලදී සෞඛ්‍ය අංශයට එය බලපෑමක් ඇති විය හැකි බවයි.

කන. නාසය, උගුර ආශ්‍රිත රෝගයන් විනිශ්චයට එම රෝගීන් උගුර, කණ හා ස්වර තන්ත්‍ර පරීක්ෂාව සහ එන්ඩොස්කොපි පරීක්ෂණ අවශ්‍ය වන අතර යම් ශල්‍ය කර්මවලට ද භාජනය කිරීමට සිදුවන බව එම සංගමය පවසයි.

එහිදී වෛරස ආසාදනය වුවත් තවමත් රෝග ලක්ෂණ පෙන්නුම් නොවු රෝගීන්ගෙන් එම වෛරසය ආසාදිත කෙල බිඳිති හෝ ශ්‍රාවයන් මඟින් පහසුවෙන්ම සෞඛ්‍ය සේවකයන් වෙත සම්ප්‍රේෂණය වීමට හැකි බව විද්‍යාවත්මකව පෙන්වා දී ඇත.

මෙහි ඇති භයානකම තත්ත්වය වනුයේ සෞඛ්‍ය ‍සේවකයන් රෝගී වුවහොත් බොහෝ සෞඛ්‍ය සේවකයන්ට නිරෝධායනයට ලක්වීමට සිදු වීම බවත් එවිට රෝහල් සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ශ්‍රී ලංකා උගුර, කණ, නාසය විශේෂඥ වෛද්‍යවරුන් මාධ්‍ය වෙත යොමු කල ලිපිය සම්පුර්ණයෙන් ..

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *