ප්‍රංශයේ පැරිස් නුවරදී පිහි දෙකක් උපයෝගී කරගනිමින් මහජනතාවට තර්ජනය කර පුද්ගලයින් කිහිප දෙනෙකුට තුවාල සිදුකළ ශ්‍රී ලාංකික ජාතිකයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය මැයි 30 වැනිදා පස්වරුවේ මෙම සිදුවීම වාර්තා විය.
මියගිය පුද්ගලයා මල්ලාවි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ චාල්ස් ඇන්තනි බලකායේ හිටපු අණදෙන නිලධාරියෙකු වූ ‘ගෝපි’ නමැත්තාගේ බාල සහෝදරයා බව අනාවරණය වී ඇත.
සැකකරු පිහි දෙකක් පෙන්වමින් ප්‍රදේශවාසීන්ට තර්ජනය කරමින් සිටියදී පොලිසිය මැදිහත් වී ඔහුට නිරායුධ වන ලෙස කිහිප වරක්ම අනතුරු ඇඟවීය. එම නියෝග ප්‍රතික්ෂේප කර පොලිස් නිලධාරීන්ට ද තර්ජනය කරමින් සැකකරු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය ඔහුට වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් සැකකරු එම ස්ථානයේදීම මියගිය අතර, සිද්ධියෙන් තුවාල ලැබූවන් රෝහල්ගත කෙරිණි. ප්‍රංශ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















