දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් විදුහල්පතිනිය ඇතුළු තිහකට ආසන්න පිරිසක් අරලගංවිල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම බඹර ප්‍රහාරයෙන් පීඩාවට පත් සිසුන් බේරාගැනීම සඳහා ක්ෂණිකව ඉදිරිපත් වූ අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුවූ බව අරලගංවිල පොලිසිය පවසයි.
















