27 April 2024
#සංවර්ධන

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම්

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 2019 සැප්තැම්බර් මස 08 වනදා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විද්‍යාපීඨ 19කදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් විෂයයන් 31කින් පාඨමාලා හදාරා සිටින මෙම පිරිස, අධ්‍යාපන ඩිප්ලෝමාධාරී වෘත්තීය ගුරුවරුන් වශයෙන් සලකනු ලබයි.
මෙම පිරිසෙන් 2340 දෙ‍නෙකු සිංහල මාධ්‍යයෙන් ද 1300 දෙ‍නෙකු දෙමළ මාධ්‍යයෙන් ද 646 දෙනෙකු ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද දෑ අවුරුදු පාඨමාලා හදාරා, වසරක කාලයක් සීමාවාසික ගුරු පුහුණුව සම්පූර්ණ කර සිටිති.

ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවා සිසු දරුවනට අඩු පාඩුවකින් තොරව අධ්‍යාපනය ලබා දීම පිණිස එම ගුරුවරුන් කඩිනමින් පාසල්වලට ස්ථානගත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ්කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම උත්සව අවස්ථාවට අමාත්‍ය නීතීඥ අකිල විරාජ්කාරියවසම් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියද සහභාගී වේ. මේ පිළිබඳ වැඩි විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk යන වෙබ් අඩවියේ සඳහන් ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *