27 April 2024
#දේශීය

පිඬු පිණිස ලත් දෙයින් පාසල් දෙකකට පොත් පත් ලබා දෙයි

පිඬු පිණිස ලත් දෙයින් පාසල් දෙකකට හා පුස්තකාල දෙකකට ආධාර ලබා දිම පසුගියදා මාතලේ විල්ගමුව ප්‍රදේශයේදි සිදු විය.

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාඋස්සාවේ අග්ගධම්ම නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා මගපෙන්වීමේ පාලි භාෂා දිනනය නිමිති කරගනිමින් දියත් කල සියක් නමක් පිණ්ඩපාත චාරිකාවෙ වැඩම කිරීමේ පිංකමෙන් ලද පාසල් උපකරණ පරිත්‍යාගය විල්ගමුව ලේඩියන්ගල ප්‍රාථමික විද්‍යාලය හා හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයේදි සිදු කළ අතර එහි පුස්තකාල දෙකට අවශ්‍ය පොත්පත් පරිත්‍යාගයද මෙහිදී සිදු කරණ ලදි.

මෙම අවස්ථාව සදහා මාතලේ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන් පරිවේනාධිපති කළුන්දැවේ උදිත හිමි ,පිරිවෙන් ආචාර්ය පදියපැලැල්ලේ සුසිම හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සංස්කෘත ගුරු උපදේශක රත්නායක මහතා ඇතුලු පිරිසක් එක් විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *