27 April 2024
#දේශීය

පිපිරිම් ගැන හොයන්න ආරක්ෂක අංශ කටයුතු කරනවා – ජනපති

අද(21) උදෑසන දිවයින පුරා සිදුවු පිපිරීම් දැඩි ලෙස හෙලා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මෙම ඛේදවාචයක ගැන තමා දැඩිව කම්පනයට පත්ව ඇති බවයි.

ලක්වැසි සියලු ජනතාව මේ සිදුවීම් හේතුවෙන් දැඩි සේ වේදනාවට පත්ව ඇති බව ද පැවසු ජනාධිපතිවරයා මේ සිදුවීම් පිළිබඳ වු කුමන්ත්‍රණය ගැන සොයා ගැනීම සඳහා මේ වන විටත් සියලු ආරක්ෂක අංශ උපදෙස් ලබා ගෙන කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සඳහා සියලු ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින බව ද පැවසු ජනාධිපතිවරයා සියලු දෙනාට සංසුන්ව කටයුතු කරන ලෙස පවසා සිටියේය.

කටකතා සහ අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, මෙයට රජය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *