27 April 2024
#දේශීය

පිල් මාරුව ඇරඹෙයි – එස්.බී නාවින්න සජිත්ට සහාය දෙයි

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හට සහය ලබා දෙන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(28) අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා සමඟ පවා තමා කටයුතු කර නිසා මෙවර සජිත්ට සහාය දැක්වීම සඳහා තමා පැමිනි බව නාවින්න මහතා කියා සිටියේය. එසේම මීට මාස කිහිපයට පෙර එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලින් තමා බැහැරව සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රීවර මෙහිදී සඳහන් කළේය.

එමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තරග කරන්නේ නම් ඔහුට සහය දැක්වීම යුතුකමක් බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *