27 April 2024
#දේශීය

පිලිපීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සදහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මහතා අතර නිල හමුව අද (16) පස්වරුවේ සිදු විය.

එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් ( Malacanang Palace ) වෙත ගිය ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ්‍රී ලංකා සහ පිලිපීන ජාතික ධජ ළෙලවමින් ඊට එක්ව සිටියහ. එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *