27 April 2024
#දේශීය

පුද්ගලයා අනුව ජනාධිපතිවරණයේදී සහාය දෙනවා – ඇමැති අර්ජුන

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයකුට පමණක් බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය දෙන්නේ කාටදැයි තවම තීරණක් ගෙන නැති බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මව්රට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි – සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද්‍රයේ දෙවැනි වැඩසටහනට ඊයේ (11) යක්කල ඇසළ හෝටල් ශ්‍ර‍වණාගාරයට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කුමන පක්ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දෙන්නේද නැත්තේද යන්න පිළිබදව තීරණය කරන බවයි.

තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා “ එක්සත් ජාතික පක්ෂය හිතනවා තමන්ට තනියම ගිහින් ඉල්ලන්න පුළුවන් කියලා. නමුත් ඒක හීනයක් විතරයි. නමුත් සන්ධානයක් එක්ක එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගියොත් ඔවුනට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍ර‍හණය කරන්න පුළුවන්. අද තනියම යමු කියන එක්සත් ජාතික පක්ෂයේ සමහර අයට එදා ජයග්‍ර‍හණය කළේ කොහොමද කියලා මතක නැහැ. ආයේ ඒක තේරෙන්නේ තනියම ගිහිල්ලා ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය වුණොත් විතරයි. නමුත් ජනාධිපතිවරණයට එන්නේ කවුද කියන එක එක්සත් ජාතික පක්ෂය තීරණය කළ යුතුයි..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *