27 April 2024
#දේශීය

පොදු අපේක්ෂකත්වය දෙනවානම් මේ ප්‍රශ්ණ ඉවරයි’…….! 

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය මෛත්‍රිට හිමිවන්නේනම් මෙම දේශපාලන අර්බුධ අවසන් වනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සමිපතයා අප වෙත කියා සිටියේය.

මේ පිළිබඳ පසුගිය තෙවසර තුලම සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇත්තේ පක්ෂයේ සාමාජිකයෙකුම ජනාධිපපතිවරණයට ඉදිරිපත් කල යුතු බවයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදී යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පවසා සිටි අතර මේ වන විට ඔහුට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක් ඇති බව පෙනෙනට ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සහාය මෛත්‍රිට හිමි නොවීම හේතුවෙන් ඔහුට මහින්දගේ සහාය පැතිමට සිදුවු බව ඔහුගේ සමීපතයා අප වෙත කියා සිටියේය. ඒ අනුව මහින්ද පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට තමාගේ සහාය මෛත්‍රිට හිමි වන බවයි.

ඒ අනුව අගමැති ධුරය මහින්ද හට ලබා දුන් බවයි මෛත්‍රි සමිපතයා අප වෙත කියා සිටියේ. කෙසේ නමුත් මහින්ද මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසි සහගත තත්ත්වයක් උදා වී තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගොඩ නගා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට මෛත්‍රි ඉදිරිපත් වීමට අදහස් කල නමුත් මේ වන විට සියළු සැලසුම් කනපිටට හැරී ඇති බව දැන ගන්නට ඇත.

පවතින තත්ත්වයඉ හමුවේ කඩිනමින් විසදුම් සෙවිමටනම් එක්සත් ජාතික පක්ෂයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමට ඒකමතිකව තීරණය වේ නම් මේ අගමැති ධුරය මෙන්ම ආණ්ඩු, ඇමැති ධුරයහි ප්‍රශ්ණ අවසන් වනු ඇති බව මෛත්‍රිගේ සමීපතයා අප වෙත කියා සිටියේය.

පවතින තත්ත්වයන් හමුවේ එජාපයේ තීන්දුව මෛත්‍රි ද…..? රනිල්ද…………………. TTVnews.lk වෙබ් අඩවිය විමසිල්ලෙන්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *