27 April 2024
#දේශීය

පෞද්ගලික පංති සඳහා මාර්ගෝපදේශ මාලාවක්

ක්‍රම ක්‍රමයෙන් ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව සිසුන් ඒකරාශී කොට පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පන්තිවලට වඩා දුරස්ථ ඉගෙනුම් ක‍්‍රමයක් හරහා ඉගැන්වීම් ප‍්‍රවර්ධනය කළ යුතු බවඑහි දැක්වෙයි.

එසේම තැපැල් සේවය හරහා දේශන සටහන් සහ පැවරුම් නිවසට යැවීමෙන් හෝ සුදුසු අන්තර්ජාල ක‍්‍රම ඊට භාවිත කළ හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ එම මාර්ගෝපදේශන මාලාවේ ඇතුළත් අතර පෞද්ගලික  උපකාරක පන්ති පැවැත්වීමට බලධාරීන් අවසර ලබාදෙන අවස්ථාවේ හදිසි ප‍්‍රතිචාර සැලැස්මක් ද තබා ගත යුතු බවත් සඳහන් වෙයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඇතුළු ප‍්‍රදේශයේ සියලූම හදිසි ඇමතුම් අංක එහිදී ප‍්‍රදර්ශනය කළ යුතු වීම,පෞද්ගලික උපකාරක පන්ති විවෘත කිරීමට පෙර සියලූම මේස, බංකු, නිතර සම්බන්ධවන පෘෂ්ඨයන්, දොරවල් හසුරුවන ස්ථාන සහ පඩිපෙළ වැනි දෑ නිතර පිරිසිදු කළ යුතු වීම , උපකාරක පන්ති සඳහා අවසර ලබාදුන් විට සිසුන් අතර මීටරයක දුරක් පවත්වා ගනිමින් සියයට 50 ක් හෝ ඊට අඩු සිසුන් සංඛ්‍යාවක් ඒ සඳහා යොදා ගත යුතු බව , මුඛ ආවරණයක් භාවිත කිරීම, අත්සේදීම සහ ශ්වසන ආචාරවිධි පුහුණුවීම යන කරුණු පිළිබඳ නිතර සිහිගැන්වීමට ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව සහ . උපකාරක පන්තිවල මුද්‍රිත පොත් හා සටහන් බෙදා හැරීමෙන් වැළකිය යුතු බවත්  අදාළ මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වෙයි.

උපකාරක පන්ති තුළ වායුසමනය නොමැතිනම් දොරවල් සහ ජනෙල් විවෘතව තබා ප‍්‍රමාණවත් වාතාශ‍්‍රයක් ලබාදිය යුතුයි. පන්ති කාමර තුළ වායුසමනය කර ඇත්නම් පිටතින් ප‍්‍රමාණවත් නැවුම් වාතය ලැබෙන ලෙස සකස් කළ යුතු මෙන්ම වායුසමනවල පෙරහන් සතියකට වරක් පිරිසිදු කළ යුතු වන බවත් අමාත්‍යාංශ නිර්දේශ වල ඇඇතුළත් වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *