27 April 2024
#දේශීය

ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තවමත් බන්දුල ඇමතිගේ හදවතේ

හෝමාගම දියගම ලංකාවේ විශාලතම  ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම  තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන   පැවසීය.

ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

රටේ අනාගතයට මෙම විශාල ක්‍රීඩාංගණය අවශ්‍ය නම් රජයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සතයක්වත් නොමැතිව වෙනත් රටක හෝ ආයතනයක ආධාර ලබාගෙන එය ඉදිකිරීමේ හැකියාව තමන්ට තිබෙන බවත් තමන් එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉඩම් නිරීක්‍ෂණයට එක්වූයේ  ක්‍රිකට් පාලක මණ්ඩලයට ආසන 40,000ක් ඇති පිට්ටනියක් ඉදිකිරීම සඳහා ඉඩමක් ඉල්ලූ නිසා බවත් පැවසීය.

 ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය විවේචන ඉදිරිපත් වූ නිසා එය තාවකාලිකව නවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව ද පැවසූ අමාත්‍යවරයා කොරෝනා වසංගතයක් තිබියදී රජයේ මුදල් වියදම් කර පිට්ටනි හදන්න යන බවට චෝදනා එල්ල වුවත් මෙය හදිසියේ ඉදිකරන්නක් නොවන බව ද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *