27 April 2024
#දේශීය

පෞද්ගලික බස් හිමියන් කොළඹ යන්න ඉල්ලයි

අන්තර් පළාත් බස් රථ ධාවනයේ දි කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර සිටියි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  සදහන් කළේ කොළඹ නගරයට පිවිසීමට අවසර ලබා නොදි බස් රථ ධාවනය ප්‍රායෝගික නොවනු ඇති බවයි. 

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මේ බව සඳහන් කර සිටියේය.

හෙට (26) දිනයේ සිට අන්තර් පළාත් බස් රථ ධාවනය කිරිම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡා පැවති බවත් එහිදී  බස් රථ හිමියන්ගේ ගැටලු වෙනුවෙන් ඉදිරියේ දි රජය අවධානය යොමුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවහන අමාත්‍යමහින්ද අමරවීර සදහන් කළ බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *