27 April 2024
#දේශීය

කුඩා ධීවර යාත්‍රා සදහා අද සිට අවස්ථාව

කුඩා ධිවර යාත්‍රා සදහා අද (25) දිනයේ සිට ධිවර කටයුතු සදහා අවස්ථාව ලබා දිමට ධිවර දෙපාර්තමේනතුව තීරණය කර ඇත.

ප්‍රාදේශිය ධිවර කාර්යාල හරහා ආදාළ අවසරය ලබා දිමට කටයුතු කරන බව ධිවර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පසුගිය දින වල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කුඩා ධිවර යාත්‍රා සදහා ධිවර කටයුතු වලට අවසර ලබා නොදිමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබිණ.

මේ වන විට කාලගුණ තත්වය යම්තාක් දුරට යහපත් වි ඇති බැවින් ධිවර කටයුතු සදහා අවසර ලබා දිමට තිරණය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. 

මේ අතර අයහපක් කාලගුණ තත්වය හේතුවෙන් ඉන්දුනිසියා නුමුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් තිබු මෙරට බහුදින ධිවර යාත්‍රා යළි ගොඩ බිමට රැගෙන එමින් පවතින බව ධිවර දෙපාර්තමේන්තුව පවසයි. 

ධිවර යාත්‍රා 30 මෙළෙස ඉන්දුනිසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබු අතර ඉදිරි දින 04 ඇතුළත එම යාත්‍රා දිවයිනට ලගා වනු ඇති බව ධිවර දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *