27 April 2024
#දේශීය

බදුල්ල උඩින් දිනනවා – අගමැති සහතික වෙයි

එළැඹෙන  පාර්ලිමේන්තු මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන්ම ජය ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බදුල්ලේ පැවති ජන හමුවකට එක් වෙමිනි .

ආර්. ප්‍රේමදාස ජනාධිපති ගේ පාලන සමයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් තරුණ තරුණියන් 4792කට වැඩි පිරිසක් මරා දැමු බව එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා සිහිපත් කළේය.

භීෂණය රජ කළ යුගය අවසන් කර බදුල්ල දිස්ත්‍රික්කය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බව ද එහිදී වැඩිදුරටත් අගමැති පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *