27 April 2024
#දේශීය

බය වෙන්න එපා.. ගෝඨ ගැන මට විශ්වාසයි ….. – බැසිල් කියයි

ලබන 11 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිත පොදු ජන පෙරමුණයේ සමුළුවේදී පක්ෂ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හට ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (08) කොළඹ කිංස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ පොදු ජන පෙරමුණ විසින් කැඳවන ලබන සමුළුව සඳහා පක්ෂයේ නිල වශයෙන් කැඳවා ඇත්තේ බොහෝම සීමිත පිරිසක් බවයි.

එසේම ඉතාම කෙටි කාලයකින් මෙම පොදු ජන පෙරමුණ පක්ෂය වශයෙන් ජනප්‍රිය වන්නට කැප වු සියළු දෙනාට ස්තුතිය පල කරන බව හෙතෙම පැවසිය. එමෙන්ම ලබන 11 වනදා පැවැත්වෙන සමුළුවට ඒ සහාය ලබා දුන් සියළු දෙනා එක් කර ගැනීමට නොහැකි වුවත් නම් කරනු ලබන පිරිසක් සහභාගී කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

එම සමුළුවේදී පක්ෂ නායකත්වය හා සන්ධානගතවීම මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට සුදානම් වන බවත් ඒ සඳහා අපේක්ෂකයා නම් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත අනුව බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙම සමුළුවට ආරාධනා කර නොමැති නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

 TTVnews.lk වෙබ් අඩවිය විසින් බැසිල් රාජපක්ෂ මහතාගෙන් මෙහිදී විමසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසාන මොහොතේ හෝ පැමිණ සන්ධාන ගත වන්නට සහාය දක්වන බව කැමැත්ත පල කර ඔබ පක්ෂයෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාට විරුද්ධ වුවහොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න විමසා සිටියේය. එයට පිළිතුරු ලබා දුන් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ එවැනි දෙයක් නම් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වන්නේ නොමැති බවයි.

එසේම නැවතත් TTVNews.lk වෙබ් අඩවිය විසින් විමසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ නම් පුද්ගලයා සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින්ගේ තුළ බයක් ඇති බවයි. එයට පිළිතුරු ලබා දුන් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ තමාට ගෝඨාභය රාජපක්ෂව විශ්වාස බවයි. ඔහු ඉතාම කාර්යශුර විනයගරුක පුද්ගලයෙකු බව ඔහු කියා සිටියේය. එසේම ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත්, එබැවින් කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවත් බැසිල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *