• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලය තවත් බෙදාහැරිය යුතු බව ඇමැති රාජිත කියයි

6 October 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාව තුල බලය තවදුරටත් විමධ්‍යගත කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යම පළාත් සභාව සංවිධානය කළ ආයුර්වේද ප්‍රදර්ශණය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පසුගියදා විවෘත කරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ” පළාත් සභා රෝහල් සංවර්ධනය කළ යුතුයි. දඹුල්ල, මාතලේ, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල නව රෝහල් ඉදිකරනවා. ඒ සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින්. සෞඛ්‍ය සේවාව පළාත් සභා, මධ්‍යම රජයේ කියලා බෙදා වෙන් කරන්න බැහැ. බලය බෙදිය යුතුයි. ඇතැම් අය බලය බෙදුවම බලය නැති වෙනවා කියලා. බය වෙනවා. මම නම් කියන්නේ තවත් බලය බෙදාහැරිය යුතු බවයි. එවිට වැඩකටයුතු පහසු වෙනවා. රාජකාරී කටයුතු කිරීමට හරිම පහසුයි. රජ කාලයේ ද බලය බෙදාහැර තිබුනා. නමුත් ඉංග්‍රීසීන් විසින් තමයි ඒකීය රට තුල රාජ්‍ය පාලනය කළේ. ඉංග්‍රීසීන් සෑදූ ඒකීය රාජ්‍ය බදාගෙන තමයි අද දේශප්‍රේමීන් කටයුතු කරන්නේ. දේශපාලනය කියා කයිවාරු ගහලා වැඩක් නැහැ. රටට වැඩක් කළ යුතුයි. අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ ඖෂධ රැසක් ඉන්දීය ආයුර්වේදයට සම්බන්ධයි. බෝනොවන රෝග ලෝකයටම අභියෝගයක්. වාර්ෂිකව ලෝකය පුරා බෝනොවන රෝග වලින් කෝටි 04 ක් පමණ මිය යනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුල සුව කිරීමට නොහැකි ඇතැම් රෝග වලට දේශීය වෛද්‍ය ක්‍රමය තුල ප්‍රතිකාර තිබෙනවා. මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය තුල පිළිකා, අක්මා පිළිකා, හෘද වස්තුවේ අවහිරතා වැනි රෝග වලට පර්යේෂණ මගින් ඖෂධ සොයනවා. ඇතැම් පර්යේෂණ සාර්ථකයි. විද්‍යාත්මකව ගොඩනැගිය යුතුයි. ආයුර්වේද වෛද්‍යවරයා දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් භාවිතා වෙනවා. ආයුර්වේද උපාධිධාරීන් 700 කට එකවර රැකියා ලබාදුන්නේ වත්මන් රජය යටතේයි. ඔවුන් මහජන සෞඛ්‍ය වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා. දුම්වැටි පාලනය කිරීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. දුම්වැටි අලෙවි කිරීමෙන් මහා භාණ්ඩාගාරයට ලැබෙන බදු මුදල් වැඩි වී තිබෙනවා. නමුත් දුම්පානය අඩු වුනා. දුම්කොළ සමාගමට විරුද්ධව අපි කටයුතු කරන්නේ නැහැ. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 10
Previous Post

රටම කැළඹූ රුපියල වාසියට හරවා ගන්න – ඇමති චම්පික කියයි

Next Post

කප්පම් ගැනීමක් – කොළඹ නගරාධිපතිනිය කියයි

editor

editor

Next Post

කප්පම් ගැනීමක් - කොළඹ නගරාධිපතිනිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved