27 April 2024
#දේශීය

බහුතරය ඇති අයට ආණ්ඩුව ගෙන යන්න ඉඩ දෙන්න – විජයදාස රාජපක්ෂ

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බහුතර බලක් පෙන්විය හැකි කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් ගෙන යාමට අවස්තාව ලබා දෙන ලෙස කථානායකවරයා ගෙන් අමාත්‍ය විජේදාස රජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරමින් අද(29) දිනයේ දීත් සභාගර්භයට නොපැමිණි මොහොතක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සභාවට පැමිණ විශේෂ ප්‍රකාශක් සිදු කළේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමා ඕනෑම කැප කිරීමක් කරන බවයි.

මෙම දේශපාලන අස්ථාවරත්වය තුළ ජයග්‍රහණය ලබන කිසිදු නායකයෙක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.

කවර හෝ පක්ෂයක් වේවා බහුතරයක් ඇති පැත්තට බලය ලබා දී මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී කියා සිටියේය.

මේ වන විට ප්‍රයෝගික වශයෙන් ව්‍යවස්තාධායක අකර්මන්‍ය වී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාව අපෙක්ෂා භංගත්වටයට පත් වී ඇති බවත් එ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය කාලය තුළ කාලයාගේ ඇවෑමෙන් අවලාද දේශපාලනයක් ගමන් කළ බවත් ඒ මහතා පෙන්වා දුන් අතර තවදුරටත් එකිනෙකාට අවලාද කරමින් ගියහොත් අනාගතයේ අඳුරු සේයා පෙනෙමින් තිබෙන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *