27 April 2024
#දේශීය

සල්ලි වියදම් කරන්න අගැමැති ලේකම්ට බලයක් නෑ (Update)

ජනරජයේ අරමුදල් වියදම් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාට බලයක් නොමැති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට ජන්ද 123 ක් ලබා සම්මත වී තිබේ.

ආණ්ඩු පක්ෂය අද දිනයේත් සභාවාරයට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

පාර්ලිමේන්තුව හෙට(30) උදෑසන 10.30 දක්වා කථානායකවරයා විසින් කල් තැබීය.

 

පෙර පුවත

ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කරයි 2018-11-29 10:21:09

අදත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට ආණ්ඩු පක්ෂය අදත් වර්ජනය කරයි. ආණ්ඩු පක්ෂය පවසන්නේ කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දක්වන බවයි. එසේම අද පැවැති පක්ෂ නායක රැස්වීමට ද ආණ්ඩු පක්ෂයට සහභාගී නොවී සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *