27 April 2024
#දේශීය

බ්‍රිගේඩියර් ප්‍රියංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පැවරුවාට සීතාසි ලැබී නෑ

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කොටි ඩයස්පෝරාව වෙස් මිනිස්ටර් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. මෙම නඩුව ලබන 21 දා විභාගයට ගැනීමට නියමතය ඇත.

මේ නඩුවේ පැමිණිලිකරු ලන්ඩන් නුවර ප‍්‍රධාන පෙළේ කොටි ක‍්‍රියාකාරිකයකු වූ මජුරන් සතානන්දන් නමැත්තායි.

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණ තර්ජන එල්ල කළ බවත් ඒ ගැන ලන්ඩන් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන පොලිසිය කි‍්‍රයා කළේ නැති බව, පැමිණිලිකරු වන සත්‍යානන්දන් සිය පැමිණිල්ලේ දක්වා ඇත.

අප මේ පිළිබඳ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කල විමසීමකදී ඔහු කියා සිටියේ ලන්ඩන් නුවර අධිකරණයේ විභාගවන නඩුවත් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත සිතාසි මෙතෙක් ලැබී නොමැති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *