27 April 2024
#දේශීය

යුක්තියට මැරබලයට යට නොවන STF පොලිසියට ආභරණයක් – කථානායක කියයි 

සමාජයේ දිනෙන් දින වර්ධනයවන මනුෂ්‍ය ඝාතන, අපචාර ,මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් වැනිදේ මර්ධනය කිරීම සඳහා අයුක්තියට අසාධාරණයට මැරබලයට හිසනොනමන නිර්භිත නිළධාරීන්ගෙන් සමන්විත විශේෂ කාර්ය බලකායට තිබෙන ශක්තිය ගැන ජනතාවට විශාල තක්සේරුවක් ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

විනයගරුක සමාජයක් බිහිකිරීමට දිවිපරදුවට තබා දායක වන විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දිනක සිය දරු මුණුබුරන්ට පවා ආඩම්බරයෙන් සිහිකල හැකි ජාතික මෙහෙවරක නිරත වන බවද කථානායකවරයා පැවසීය.

කථානායකවරයා මේ බව පැවසුවේ පසුගිය සතියේ විශේෂ කාර්ය බලකායේ 35වන සංවත්සර සැමරුම වෙනුවෙන් කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු මූලස්ථානයේ පැවැති උත්සවය අමතමිනි.

එදාමෙදාතුර විශේෂ කාර්ය බලකායට නායකත්වය දුන් සියළු නිලධාරීන් මෙන්ම සෙසු නිලධාරීන්‍, එය බිහිකිරීමට පුරෝගාමී වූ රවී ජයවර්ධන මහතා සහ ඔහු‍ට දිරිය දුන් ජේ.ආර් ජයවර්ධන , ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින් ද බ්‍රිතානය එස්.එස් බලකායේ කර්නල් යොකර් වැනි විශේෂඥයන්ද විශේෂ කාර්ය බලකාය පිළිබඳ ගෞරවනීය පරිච්ඡේදයක් ලිවීමට දායක වූ බවද කරු ජයසූරිය පැවසීය

කථානායකවරයා වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක්ද පැවති අතර 35වන සැමරුම නිමිත්තෙන් ඉදිකල පුහුණු නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණයද කථානායකවරයා අතින් විවෘත විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *