බොරැල්ල මැගසින් එක්සත් වෙළඳුන්ගේ ශ්‍රී වෛශාක්‍ය සමිතිය විසින් නිර්මාණය කරන ලද තොරණ අද (30) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල මංසන්ධියේදී විවෘත කෙරිණි.
මෙම තොරණ නිර්මාණය කර ඇත්තේ දෙවන වරට වන අතර, එහිදී “සම්බුලා ජාතකය” කතා පුවත අලංකාර ලෙස ප්‍රදර්ශනය කෙරේ. අඩි 80ක උසකින් සහ අඩි 84ක පළලකින් යුත් මෙම දැවැන්ත තොරණ බොරැල්ල ප්‍රදේශයේ වෙසක් උත්සවයේ විශේෂ අංගයක් ලෙස ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා අග්‍රාමාත්‍යවරිය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.
















