සම්බුදු තෙමඟුල සමරමින්, දිවයින පුරා ඉදිකරන ලද වෙසක් කලාප සහ විචිත්‍රවත් තොරණ රැසක් මේ වන විට ආලෝකමත් වී තිබේ. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති ප්‍රධාන වෙසක් කලාප මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලද තොරණ රාශියක් ප්‍රදර්ශනය කෙරේ.
මෙම වෙසක් කලාප නැරඹීම සඳහා අද රාත්‍රියේ සිටම විශාල ජනතාවක් එක්වෙමින් සිටින අතර, බැතිමතුන්ගේ පහසුව සඳහා විවිධ දන්සැල් සහ විවිධ ආගමික වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. සාමය සහ සහජීවනය පතමින් බෞද්ධ ජනතාව අති උත්කර්ෂවත් ලෙස වෙසක් මංගල්‍යය සමරමින් සිටින බව වාර්තා වේ.















