ණය මුදලක් පියවීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් සන්තක වීම වැනි සිදුවීම් ඉදිරියේදී වළක්වා ගැනීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මහ බැංකු මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ එක්ව සමීපව කටයුතු කරන බවයි.














