ඊළඟ ජනාධිපතිවරයා වන්නේ නාමල් රාජපක්ෂ මහතා බව අද ගමේ ජනතාව මෙන්ම බන්ධනාගාරගතව සිටින පිරිස් පවා ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමිනි.
නාමල් රාජපක්ෂ මහතා වටා තරුණ පරපුරේ සහ පොදු ජනතාවගේ විශාල ආකර්ෂණයක් සහ විශ්වාසයක් ගොඩනැගී ඇති බවත්, එය ඉදිරි මැතිවරණවලදී තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














