27 July 2024
#ක්‍රීඩා

2022 ලෝක කුසලාන පාපන්දු තරගයට – ශ්‍රී ලංකාව මැකාවෝ සමග තරඟ බීමට

වසර 2022 දී කටාර් හිදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව එහි පලමු පියවර ලෙස අද (6) මැකාවෝ රාජ්‍යය සමග තරග වදින්නේ චීනයේ සුහායි දිය. මෙම ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වේ.

ආසියානු කලාපීය ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය 2023 ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙසත් සැලකේ. මැකාවෝ සමග පැවැත්වෙන තරගයෙන් පසුව ශ්‍රී ලංකාව සහ මැකාවෝ කණ්ඩායම් අතරම ආසියානු කලාපීය සුදුසුකම් තේරීමේ දෙවැනි වටයේ තරගය මෙම මස 11 වැනිදා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ.

මෙම තරග දෙකේදී ඉහළ දක්ෂතා පළ කරන කණ්ඩායම ලබන සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ දෙවැනි වටයට තෝරා ගැනේ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *