27 April 2024
#දේශීය

මගේ පාලනයක් යටතේ අන්තවාදයට ඉඩක් නැහැ : ගෝඨාභය රාජපක්ෂ කියයි…

යහපාලනය යටතේ අන්තවාදීන්ට යහතින් වර්ධනය වන්නට අවස්ථාව සැලසුණු බවත් තමන්ගේ පාලනයක් යටතේ අන්තවාදය වර්ධනය වීමට හෝ එහි පැවැත්වට කිසිසේත් ඉඩක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධපතිධුරාපේක්ෂක ගොඨාභය රාජපක්ෂ සදහන් කරයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණ්ය වෙනුවෙන් ඊයේ (02) පස්වරුවේ කිරිඳිවැල නගරයේ දී  පැවැති  ජනරැලියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා මේබව පැවැසී ය.

එහිදි අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ යුද්ධය අවසන් කළ පසුව එය නැවත ඇති නොවීමට ආරක්ෂක වැඩිපිළිවෙළක් ඇති කළ බවයි. ඒ හේතුවෙන් එම පාලන කාලය තුල කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකින් විනාශයක් ඇති නොවුන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව ජාකි ආරක්ෂාව කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළ බවත් විදේශීය බලපෑම් වලට යටත් වෙමින්, ජාතික ආරක්ෂාව අඩපණ කළබවත්, බුද්ධී අංශ අකර්මන්‍ය කළ බවත් ඔශු මෙහිදී පැහැදිලි කළේ ය. විශේෂයෙන් රණවිරුවන් මානසිකව ද වට්ටවමින් බුද්ධි අංශ නිලධාරින් සිරගතකිරීම හේතුවෙන් නැවත් මෙරට තුල බෝම්බ පිපිරීම් සිදු වු බවද ගෝඨාභය මහතා පෙන්වා දුන්නේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *