27 April 2024
#දේශීය

සිවාජිලිංගම් ටෙලෝවෙන් ද ඉවත්වෙයි : උතුරේ දේශපාලනයේ පෙරළියකට බලපෑම්…

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ටෙලෝ පක්ෂයෙන් හා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මෙම ඉවත්වීම පක්ෂයේ ලේකම්වරායට දැන්වූ බව සිවාජිලිංගම් මහතා පැවැසී ය.

උතුරු හා නැගෙනහිර දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති දමිළ හා මුස්ලිම් දේශපාලනය මේ වනවිට ඉරිතලායමින් පවතින බවත්, එහි වාසිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට නිතැතින් හිමිවන බවටත් බොහෝ දේශපාලන නිරීක්ෂකයින් මත පලකරමින් සිටින අවස්ථාවක සිවාජිලිංගම් සාධකය ද සැලකිය යුතු මට්ටමකට බලපෑම් සහගත බවද ඔවුන්ගේ මතයයි.

එල්ටීටීඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්ගම වන වැල්වැටිතරෙයි ප්‍රදේශයේ දේශපාලන නිජබිම කරගත් සිවාජිලිංගම්, කොටි සංවිධානයට ළැදි බවක් දැක්වූ මහවිරු පවුල් සහ ඉන් ආභාසය ලැබූවන්ගේ ඡන්ද පදනමට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන්නට සමත් අයෙක් බව පැවැසේ. ඔහුගේ වෙනුවීම මත දෙමළ ජාතික සංධානය පිටු දැක වෙනත් මානයක්වෙත එහි ඡන්ද පදනම සොලවන්නට හැකිවීම සජිත් පේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට දැඩිව පරාජයේ බලපෑම් තීව්වර කරන බවත් පැහැදිලි ය.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *