27 April 2024
#දේශීය

මට මනාප එපා… මහමැතිවරණයෙන් ඉවත් වෙනවා – මංගල කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත්ව මීට වඩා වේගවත්ව දේශපාලන ක්‍රියාවලියකට ජනතාව සමඟ එක්වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා ඊයේ (09) ජනතාව අමතමින් කියා සිටියේ තමාට මෙවර මැතිවරණයේදී මනාප භාවිතා නොකරන ලෙසයි.

එහිදී මංගල සමරවීම මහතා මෙසේ අදහස් පල කළේය ”ඇත්ත වශයෙන්ම අද මගේ දේශපාලන ජීවිතේ ඉතාමත්‍ සුවිශේෂ දිනයක්. අද මගේ පණිවිඩය මගේ තීන්දුව මාතර මා සමග එක්ව හිටපු ජනතාවට දැනුම්දීම සඳහා මෙම රැස්වීම කැඳවනු ලැබුවා. ඇත්තවශයෙන්ම මිට වඩා විශාල පිරිසක් මා මෙතනට කැදවන්නට අවශ්‍ය වුනත් කොරෝනා වෛරසය අශ්‍රිතව තියෙන ඒ නීති රීති වලට ගරැකරමින් මම මෙම පුංචි රැස්වීම 40 කට විතර සීමා කරලා, විශේෂයෙන්ම මම අවුරැදු 31ක් නියෝජනය කරපු ආසනේ පළාත් පාලන මන්ත්‍රී වරුන් සමග මේ අලුත් ගමන පිළිබඳ සාකච්ඡා අරම්භ කරන්නටයි තීන්දුකරේ. ඒ පණිවිඩය තමයි මේ. ඒක දැන් පැහැදිළිවම තියෙනවා 2020 මහා මැතිවරණ සටනෙන් මම ඉවත් වෙනවා. නාම යෝජනා දුන්නැයින් පස්සේ ඉවත් වීමට නම අයින් කර ගැනිමට හැකියාවක් නැති වුනත් මට පුලුවන් මේ මැතිවරණයේදී මගෙ අංකයට මානාපයක් ලබා නොදෙන්න යැයි කියන ඉල්ලිම මෙතනදි කරන්න. හිතලා හරියටම අද අංකත් අවා,අංක 8. මම හිතන්නේ ඔය 8ත් මට හොදට පුරැදු 8ක්. මොකද ගිය අවුරැදු 31 මට 4 වාතාවක් 8 ලැබිලා ඒ 8න් 4 ක්ම ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට ගියා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *