• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍ය නිදහස ට බලපෑම් ඇතිකරනවා ද නැද්ද..: ගෝඨාභයගෙන් පැහැදිලි කිරීමක්…

16 December 2019
in දේශීය

තම පාලන කාලයේ දී රටේ මාධ්‍ය නිදහසට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ට ස්ථීර වශයෙන් සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ දී පැවැසී ය.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතර රට ට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රට ට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද

ජනාධිපතිවරයා කියා සිටියේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බව ද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, දේශපාලනඥයන්ගේ සහ රාජ්ය  නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වන බවත් මෙහිදී අවධාරණය කළේ ය.

ජනතාව විසින් තමා ජනාධිපති ලෙස පත්කරගත් අරමුණු ජය ගැනීමේදී මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බව ට ද ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වෙන බවත් පවසා ඇති ජනාධිපතිවරයා, එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව ද පෙන්වා දුන්නේය.

පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කර සිටි ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කර සිටියේය.

එම සිදුවීම් නිවරුදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බව පෙන්වා දුන් ජනපතිවරයා, නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබඳව ද මෙහිදී මාධ්‍ය දැනුවත් කළේය.

එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් රට ට ආදරය කරන කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. 

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

* සටහන : ජනිත් විපුලගුණ

 
 
Post Views: 7
Previous Post

හොඳ ප්‍රතිඵල ගන්නහැටි රනිල් කියා දෙයි…

Next Post

මතට ඇබ්බැහිවු රැදවියන් පුනරුත්තාපනයට වැඩසටහනක් – ඇමැති නිමල්  

editor

editor

Next Post

මතට ඇබ්බැහිවු රැදවියන් පුනරුත්තාපනයට වැඩසටහනක් - ඇමැති නිමල්  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved