27 April 2024
#දේශීය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කෙරේ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබද අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රිති හා වැටලීම් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය මර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ සේම ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබදව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිඛෙන අතර ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සදහා අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිතුමා පසුගියදා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකගතාවය පළ විය.

එම අධිකාරිය නීත්‍යානුකූල ව ස්ථාපනය කෙරෙන තුරු නොසිට අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම අන්තර් පාලක මණ්ඩලය පත් කිරීමට අද (20) ජනාධිපතිවරයා පියවර ගත්තේ ය.

පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින්වහන්සේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා, විශේෂඥ මනෝ වෛද්‍ය ධනුජ මහේෂ්, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රමණී පෙරේරා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ශාන්ති නවුකරාසන් යන මහත් මහත්මින් ඇතුථ කණ්ඩායමක් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරති.

එම සාමාජිකයන් සමග සාකච්ඡාවකට ජනාධිපතිතුමා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ එක් විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ නිලධාරිහු ද මීට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *