27 April 2024
#දේශීය

එල්ලුම්ගහට දින නියමය කිරීම ළගදීම

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලඟදීම දිනයක ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා මේවන විටත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දිනය පිළිබඳ තීරණයක් ගෙන ඇති අතර එය ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.

ගතවූ කාලය තුල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග වශයෙන් දිගින් දිගටම හමුවීමත්, මත්ද්‍රව්‍ය වැරදිවලට සිරගත වූ පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමත් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධව පුද්ගලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස විවිධ සංවිධානවල නියෝජිතයන්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රට තුල ඉහළ යන අපරාධ රැල්ල මුල් කර ගනිමින් මරණ දඩුවම වහාම බලාත්මක කරන්නැයි මීට පෙරද කැබිනට් මණ්ඩලයටද ඉල්ලීම් ඉදිරිපත් වී තිබිණි.

1978 වසරෙන් පසු මෙරට තුල මරණ දඩුවම සක්‍රීය ලෙස ක්‍රියාත්මක කර නොමැත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *