27 April 2024
#දේශීය

මන්ත්‍රී ධුරය මම ඉල්ලලා ගත්තේ නෑ .. මේක සේවය අගය කිරිමක් – සමන් රත්නප්‍රිය කියයි

තමාට ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරින්ට වටිනා අවස්ථාවක් බව සිවිල් සංවිධාන ක්‍රියාකාරි සමන් රත්නප්‍රිය මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසා සිටියේ තමාට ලැබුණු මන්ත්‍රී ධුරය යම් ඉල්ලීමක් මත සිදුවු දෙයක්දැයි යන්න.. එයට පිළිතුරු ලබා දෙමින් රත්නප්‍රිය මහතා කියා සිටියේ තමා කිසිදු අවස්ථාවකදී මන්ත්‍රී ධුරයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් නොකල බවයි. එය තමා වසර 25 ක කාලයක් තිස්සේ වෘත්තීය සමිති වෙනුවෙන් ද වසර 15 ක් දේශපාලනය වෙනුවෙන් සිදු කල සේවය අගය කිරීමක් මත ලැබුණු මන්ත්‍රී ධුරයක් බවයි.

එසේම ඉදිරියටත් දේශපාලනයේ නිතර වන අතර මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව රත්නප්‍රිය මහතා කියා සිටියේය. ඉදිරියටත් විවේචනවලට වඩා දේශපාලනය නිවැරදිව ක්‍රියා කල යුතු බව තමා විශ්වාස කරන සමන් රත්නප්‍රිය මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *