27 April 2024
#දේශීය

සජිත් වෙනුවෙන් මධුසමයක් අතහැරලා මම ආවේ – කාවින්ද කියයි

තමාගේ මංගල්‍ය පසුගියදා පැවැත්වුණ අතර මධුසමය පවා අතහැර සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති කිරීම සඳහා තමා පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කටාන ප්‍ර දේශ‌යේ පැවැති ජනහමුවක් අමතමින්.

මේ රටේ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ කියන්නේ පුද්ගලයා කවුද කියන කෙනා හොඳන් දන්නා අයෙක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරපු මාධ්‍ය නිදහස නැති කරපු මෙරටේ අහිංසක ජනතාවට බියෙන් සැකයෙන් ජිවත්වන යුගයක් උදා කරපු අයෙකු බව කාවින්ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එසේම රාජපක්ෂ පාලනය 2015 දී පලවා හැරියේද ඒ් හෙයින් බව හෙතෙම අනාවරණ කළේය. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා කිසිදිනක මාධ්‍යවේදින්ට පහර දීමක් සිදු කර නොමැති බවයි.

පොහොට්ටුවේ අයට අවශ්‍ය වන්නේ වහල්භාවයෙන් ජිවත් වන්න. නමුත් ඒජාප ආණ්ඩුවකින් මෙරට දුෂණ අක්‍රමිකතා අඩු කරන්න කටයුතු කළා. මෙරට සත්‍ය ජය ගන්නවානම් නොවැම්බර් 16 වනදා නියත වශයෙන් ජය ගන්නා බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *