27 April 2024
#දේශීය

මම හැරමිටියෙන් හරි ඇවිල්ලා පක්ෂය ආරක්ෂා කරනවා – හිටපු ජනාධිපතිනිය කියයි

ශ්‍රී ලංකා නිදහස පක්ෂය රැක ගැනීමට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී සොරකම් කරන්නේ නැති තරුණ බුද්ධිමත් පිරිසකට අවස්ථාව ලබා දීමට කටයුතු කළ යුතු බවත් එහිදී පක්ෂය විනාශ කරන්න උත්සහා කලහොත් තමා හැරටිමියෙන් හෝ පැමිණ පක්ෂය ආරක්ෂා කිරිමට කටයුතු කරන බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය (05) සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සමුළුව අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මේ වන විට නීතිවිරෝධිය පක්ෂයට වැඩබලන සභාපතිවරයෙකු පත් කර ඇති බවයි. පක්ෂය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති මහාචාර්යවරයෙකු පත් කර ජනාධීපතිවරයා පැත්තකට වී සිටිම ඉතාම කනගාටුදායක බව ඇය අනාවරණ කර සිටියේය.

මේ වන විට මහින්ද රාජපක්ෂ වටා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් තමාට රහසින් කතා කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ඇය අවධාරණය කළේය. කෙසේ වෙතත් මේ වන විට ඇතැම් හිටපු ඇමැතිවරුවන්ට සොරකම් නොකර ඉන්න බැරි තත්ත්වයක් ඇතිව ඇති බවත් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සොරුන් සිටියේ නැති බවත් කුමාරතුංග මහත්මිය පැවසුවාය. 

එම පිරිසකගේ මනස දැන් සොරකම් කිරීමට පෙළෙඹවා ඇති බවත් පසුගිය වසර වලදී යහපාලනය ආණ්ඩුව නියෝජනය කරද්දි පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සොරකම් සිදු කර ඇති බව තමාට දැනගන්නට ලැබුණු බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන බව පැවසුවද එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඇය කියා සිටියාය. එසේම එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු හානියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු නොවු බව තමාට විශ්වාසයෙන් කිව හැකි බව ඇය අවධාරණය කර සිටියාය.

තමා අන් අයගෙන් පලි ගන්නා බව ද පැවසුවද තමා සම්බන්ධයෙන් කිවහොත් සෙවලයින්ට, සොරකම් කරන්නට තමාගෙන් කිසිදු සමාවක් නොමැති බව හිටපු ජනාධීපතිනිය පවසා සිටියාය. 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *