27 April 2024
#දේශීය

මේ ආණ්ඩුව හොරකම් කරලා දැන් සුදනෝ වගේ කතා කරනවා – මහින්ද රාජපක්ෂ කියයි

වත්මන් ආණ්ඩුව ආපු දිනයේ සිටිම සිදු කළේ හොරකම් කරන එක බවත් මහබැංකුවේ ඉදන්ම හොරකම් කර අද සුදනෝ වගේ කතා කරන බව විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (05) ගලගෙදර හතරලියැද්ද බස් නැවතුම්පොලේ පැවැති ජන රැළියකට එක්වෙමින්.

එහිදී රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” ජිවත් වීමේ අයිතිය හරිම වැදගත්. ප්‍රේමදාස මහත්තයාගේ යුගයට යනවා කිව්වාම මතක් වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය. මුලූ රටේම තරුණ තරුණියෝ 67652ක් මරලා දැම්මා. තරුණයෝ ටයර් සෑ වලට ගියා. පේරාදෙනිය විශ්ව විද්‍යෘලයේ වෛද්‍ය ශීෂ්‍යයෝ 22ක් මරලා දැම්මා. මහනුවර මහ වත්තේ සමූහ ඝාතනයෙන් 128ක් මැරුණා. ඒකෙන් 28ක් ජනතා විමුක්ති පෙරමුණයි ඝාතනය කලේ. 1989 ප්‍රේමදාස ආණ්ඩුව මහනුවර සේනානායක මාවතේ ඉහළට දිවෙන පරණ මාතලේ මාවතේ තරුණයින් රැසක් පුලූස්සා මරා දැම්මා. කඩුගන්නාව, රන්දෙනිගල,මහ නුවර සිල්වෙස්ටර් විදුහලේ, අස්ගිරිය පොලිස් නිල වාසයේ, අංකුඹුරේ වදකාගාර පවත්වා ගෙන ගියා. කුණ්ඩසාලේ,කටුලස්තොට තෙල්වත්තේ වදකාරාගය වගේම මහ වැලිගෙග් පාවුනු මල කදන් ගණන කියද? මේවා තමයි ප්‍රේමදාස යුගයේ සිදුවුනු දෙවල්. කිසිම අනුකම්පාවක් නැතිව කොල්ලෝ කෙල්ලෝ මරලා දැම්මා. එක පාරක් කඩුගන්නාවේ කන්දේ වයස 13දරුවෙක් මරලා දාලා තිබිලා මම පාර්ලිමේන්තුවට ඇටකටු අරන් ගිහින් පෙන්නුවා. ජිනීවා වලට පින්තූර අරන් ගියා. එජාපයට පන්දම් අල්ලපු ජනතා විමුක්ති පෙරමුණ ගැන අපි කණගාටු වෙනවා. ඒ අයගේ ප‍්‍රතිපත්ති ගැන මම කණගාටු වෙනවා. අපි කෙරේ විශ්වසය තියන්න. අපි ඉදිරිපත්කර තිබෙන වැඩපිළීවෙල අකුරටම ඉෂ්ට කරන බවට පොරොන්දු වෙනවා. යැයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *