27 April 2024
#දේශීය

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සිය දිවි නසා ගනි

අම්පාර, බුද්ධංගල පොලිස් මුර පෙලේ රාජකාරි යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු ටී.56 ගිනි අවියකින් හිසට වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක් කුමුදුගම, වඩයංතලාව ප්‍රදේශයේදී පදිංචිකරුවෙකි බවයි.

අම්පාර මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා අම්පාර ‍රෝහල වෙත රැගෙන යන අතර අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *