27 April 2024
#දේශීය

මහනුවර ශ්‍රි දළදා පෙරහරේ හස්තින්ට මෙවර දේශිය බතික් ඇඳුම්

මහනුවර ශ්‍රි දළදා පෙරහරේ ගමන් ගන්නා හස්තීන් දේශීය රෙදි උපයෝගී කරගනිමින්, දේශීය බතික්කරුවන් ලවා වර්ණ ගන්වා මෙවර මහනුවර ඇසළ පෙරහරට එක්ව ඇත.

මෙහිදී ඇතුන්ගේ පිට ඇඳුම, නෙත්ති මාලය ,සහ කන් ජෝඩුව අලංකාරවත් වී තිබිණි .

 

බතික් අත්යන්ත්‍ර දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාවට නංවා ඇති අතර

වසර තිහකට පසු මෙසේ මහනුවර දළදා පෙරහරේ ගමන් ගන්නා හස්තීන් දේශීය බතික් වලින් සැරසී සිටීම විශේෂත්වයකි.

 

බුරුම රාජා ,කන්ඩුල ,සහ සිංහ රාජා යන හස්තීන් ත තිදෙනා බතික් ඇඳුමෙන් සැරසී සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *