27 April 2024
#සංවර්ධන

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

මහවැලියට අයත් සියලූ ප්‍රධාන වේලි හා ජලාශ පාලනය කිරීම සදහා පොල්ගොල්ල ජලාශ පරිශ්‍රයේ ඉදිකෙරුණු නවීන මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණට ලක් විය.

කාලගුණික හා දේශගුණික විපර්යාසවලට අනුරූපව නිශ්චිත අවස්ථාවේ, නිශ්චිත තොරතුරු මත පදනම්ව එම ජලාශ පිළිබද තීරණ ගැනීමට මෙම මධ්‍යස්ථානය මගින් වාරි ඉංජිනේරුවන්ට හැකියාව ලැඛෙන අතර ගංවතුර පාලනය, ජල කළමණාකරනය ඇතුථ වාරි ඉංජිනේරු තාක්ෂණය සදහා අවශ්‍ය තොරතුරු ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව මෙම මධ්‍යස්ථානය මගින් උදා වෙයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් මහවැලි අධිකාරිය විසින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිඛෙන අතර දකුණු ආසියාව තුළ මෙවන් ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරුණු පළමු අවස්ථාව මෙය වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *