27 April 2024
#දේශීය

මහින්දට පොහොට්ටුවේ නායකත්වය …..! – ජී.එල් පිරිස් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි පක්ෂ සම්මේලනයේදී ආරාධනා කරන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි.

ඒ මහතා අද (01) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නොවැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර වසර 2ක් අවසන් වන බවත් පක්ෂ සම්මේලනයක් පැවැත්වීමට සුදානම් වන බවයි.

පසු ගිය පළාත් සභා මැතිවරණයෙදි සියයට 71ක කොට්ඨාශ වල ජයග්‍රහනය තම පක්ෂයට හිමි වු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය බාරගැනීමට දැන් කාලය උදාවී තිබෙන බව සඳහන් කළ මහාචාර්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් වෙනත් පක්‍ෂය සාමාජිකත්වය බාරගැනීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවදානමක් නැති බව පැවසිය.

යම් හෙයකින් එවැනි අවධානමක් මතුවුවහොත් ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බව පිරිස් මහතා අවධාරණය කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සකස්කිරීම අවසන් අදියරේ පවතින බවත් ඊට අමතරව තරුණ පෙරමුණු ව්‍යවස්ථාව, කාන්තා පෙරමුණු ව්‍යවස්ථාව ද සකස් කරමින් සිටින බවද සඳහන් කළේය.

පක්‍ෂය පිහිටුවා මාස 16ක් ඇතුළතදී පළාත් පාලන මැතිවරණය ජයගත්බවත් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතු බවද පැවැසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *