27 April 2024
#දේශීය

මහින්ද ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එරෙහිව පෙත්සම විභාගය කල් යයි

මහින්ද රාජපක්ෂ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට එරෙහිව ගොනු කර සිටි පෙත්සම විභාග කිරීම ලබන ජනවාරි 16,17, සහ 18 දින දක්වා කල් තබා තිබේ.

පසුගිය 03 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට අද (12) දින අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය විසින් පසුගිය 03 වනදා නොතීසි නිකුත් කළේය.

පෙර පුවත් 

මහින්දට අගමැතිකම දැරීමට නිත්‍යනුකූල හිමිකමක් නැහැ – අතුරු නියෝගයක්

Leave a comment

Your email address will not be published. Required fields are marked *