27 April 2024
#දේශීය

මාතලේ රෝහලේ නම යොදා මුදල් එකතු කිරීම් ගැන පැමිණිල්ලක් – රෝහල් අධ්‍යක්ෂ

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ රෝහල් සංවර්ධන කමිටුවේ නම යොදා ගනිමින් මුදල් එකතු කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇති බව මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා පවසයි.

මාතලේ මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතගේ සහ රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් රෝහණ නවරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් පරිපාලනය හෝ රෝහල් සංවර්ධන කමිටුව මගින් මුදල් එකුතු කිරිමක් සිදු නොවන බවත් ඕනැම පරිත්‍යාගයක් ලබා දිමට අවශ්‍යනම් රෝහල් පරිපාලනයට හෝ රෝහල් සංවර්ධන කමිටුව හරහා විනිවිද භාවයෙන් යුතුව ලබා දිමේ හැකියාව පවතින බවය,

එසේ නොමැතිව පෞද්ගලික ගිණුම් හරහා සිදු කරන මුදල් එකතු කිරිම් සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය හෝ රෝහල් සංවර්ධන කමිටුව විසින් වගකිම භාර නොගන්නා බවද ඔවුන් වැඩිදුරටත් පැවසිය.

 

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *