මාදු ගඟේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කළ ඔරුවකට කිඹුලෙකු එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඔරුව පෙරළී, 32 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයට අයත් මාදු ගඟ තීරයේදී ඊයේ (25) උදෑසන මෙම අනතුර සිදුව ඇත. පොලිස් විමර්ශනවලට අනුව, වතුගෙදර පදිංචි මිතුරන් දෙදෙනෙකු මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී හදිසියේම කිඹුලෙකු ඔරුවට පහර දී ඇත. එම ප්‍රහාරයෙන් ඔරුව පෙරළී යාමෙන් එක් අයෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















