අද (26) දිනට යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද උදෑසන කොළඹ චෛත්‍ය පාරේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා විශේෂ දැනුවත් කිරීමේ පා ගමනක් ආරම්භ විය. මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය මුදවා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
















