27 April 2024
#දේශීය

හෙරොයින් තොග විකුණු බවට චෝදනා ලැබූ නාකොටික් 13 දෙනාට ඇප නෑ – 18 දක්වා හිරේ

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශයේ නිලධාරීන් 13, එළැඹෙන  18 වන දා දක්වා  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න  අද (04) නියෝග කර ඇත.

මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වෙයි. 

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

ඊට හේතුව ලෙස බන්ධනාගාර බලධාරීන්  අධිකරණයට වාර්තාවක් එවමින් මෙම සැකකරුවන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් දැනුම් දී තිබිණ.

විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්  මෙම හෙරොයින් ජාවාරම සමඟ මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන ඇතුළත් වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *